Back to Languages

Sinhala - Chapter 10 - Yunus

Translation by Www.islamhouse.com — Permalink

Verse 4 — Surah Yunus 10:4

නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම පූර්වාදර්ශයකින් තොර ව සියලු මැවීම් ඔහු බිහි කළේය. පසු ව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත