Back to Languages

Sinhala - Chapter 10 - Yunus

Translation by Www.islamhouse.com — Permalink

Verse 61 — Surah Yunus 10:61

තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දැයක් කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත සාක්ෂිකරුවන් ලෙසින් අපි සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත