Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 100 — Surah Yusuf 12:100

තවද ඔහු ඔහුගේ දෙමාපියන් රාජාසානය මත ඔසවා තැබුවේය. තවද ඔවුහු ඔහුට ( පෙර පැවැති චාරිත්‍රයට අනුව) සුජූද් කරමින් හිස නැමූහ. තවද මාගේ පියාණනි, මීට පෙර (මා දුටු) මාගේ සිහිනයේ යථාර්ථය මෙයයි. මාගේ පරමාධිපති එය සැබෑ ලෙසින්ම ඇති කළේය. සිරගෙයින් මා බැහැර කරන විට ද මා අතර හා මාගේ සහෝදරයින් අතර ෂෙයිතාන් කලහකම් ඇති කිරීමෙන් පසු පිටිසර ගම්මානයෙන් නුඹලා ව ගෙන ආ විටද ඔහු මා සමග යහපත් අයුරින් කටයුතු කළේය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන දෑට කරුණාව දක්වන්නාව. නියත වශයෙන්ම සර්වඥානී සියුම් ඥානය ඇත්තා ඔහුමය