Back to Languages

Sinhala - Chapter 12 - Yusuf

Translation by Www.islamhouse.com — Permalink

Verse 31 — Surah Yusuf 12:31

ඔවුන්ගේ රහස් කතාවට ඇය (එම පාලකයාගේ බිරිඳ) සවන් දුන් කල්හි ඔවුන් වෙත පණිවිඩයක් යවා ඔවුනට හාන්සි (ව සිට බුක්ති විඳින) සංග්‍රහයක් සූදානම් කළාය. ඔවුන් අතුරින් සෑම කෙනෙකුටම පිහියක් බැගින් දුන්නාය. පසු ව ඔබ ඔවුන් ඉදිරියට පිට ව යනු යැයි (යූසුෆ්ට) ඇය පැවසුවාය. ඔවුහු ඔහු ව දුටු කල්හි ඔහු ගැන මහත් පුදුමයට පත් වූහ. ඔවුන්ගේ අත් (නොදැනුවත්වම) කපා ගත්හ. අල්ලාහ් අපව ආරක්ෂා කරත්වා! මොහු මිනිසෙකු නොවේ. මොහු ගෞරවනීය මලක්වරයකු මිස නැතැයි ඔවුහු පවසා සිටියහ