Back to Languages

Sinhala - Chapter 16 - An-Nahl

Translation by Www.islamhouse.com — Permalink

Verse 80 — Surah An-Nahl 16:80

තවද නුඹලාගේ නිවෙස් තුළින් නුඹලාට සෙවණක් අල්ලාහ් නුඹලාට ඇති කළේය. තවද නුඹලා ගමන් බිමන් යන දිනක හෝ නුඹලා නැවතී සිටින දිනක එය (රැගෙන යාමට) නුඹලාට පහසු වන නිවෙස් ගොවිපළ සතුන්ගේ සමින් නුඹලාට ඇති කළේය. තවද උන්ගේ ලොම් උන්ගේ හම් හා උන්ගේ රෝම වලින් භාණ්ඩ හා මද කලකට භුක්ති විඳීමක් ද (ඇති කළේය)