Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 18 - Al-Kahf
Translation by Www.islamhouse.com — Permalink
Verse 19 — Surah Al-Kahf 18:19
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතුරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රැඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා ! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා ! නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය