Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 173 — Surah Al-Baqarah 2:173

ඔහු නුඹලාට තහනම් කරනුයේ මළ දෑ ද, රුධිරය ද, ශූකර මාංශ ද, අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කැප කළ දෑ ද වේ. නමුත් සීමාව ඉක්මවා යෑමෙන් තොරව හෝ පාපයක් සිදු කිරීමේ අරමුණින් තොරව හෝ කවරෙකු (මේවා අනුභව කිරීමට) බල කරනු ලැබුවේ නම්, එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය