Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 185 — Surah Al-Baqarah 2:185

රමළාන් මාසය, එහි මිනිසාට මඟ පෙන්වන්නක් ලෙසත් යහමඟ පැහැදිලි කරන්නක් ලෙසත් (හොඳ නරක වෙන් කර පෙන්වන) නිර්ණායකයක් ලෙසත් අල්-කුර්ආනය පහළ කරනු ලැබීය. එබැවින් කවරෙකු එම මාසයට ප්‍රවේශ වන්නේ ද ඔහු එහි උපවාසය රකිත්වා ! තවද කවරෙකු රෝගියෙකු ව හෝ ගමනක නිරත ව සිටින්නේ ද එසේ නම් වෙනත් දින ගණන් කර(උපවාසයේ නියැළෙ)ත්වා ! අල්ලාහ් නුඹලාට පහසු ව ප්‍රිය කරයි. අපහසුතාව ඔහු ප්‍රිය නොකරයි. (මෙම සහනය) නුඹලා දින ගණන් සම්පූර්ණ කරනු පිණිස ද අල්ලාහ් නුඹලාට මඟ පෙන්වූ දෑ සඳහා ඔහු ව විභූතිමත් කරනු පිණිස ද නුඹලා කෘතඥතාව පුද කිරීමට හැකි වනු පිණිස ද වේ