Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 187 — Surah Al-Baqarah 2:187

උපවාස රාත්‍රියෙහි නුඹලාගේ භාර්යාවන් සමඟ ලිංගික ඇසුරු කිරීම නුඹලාට අනුමත කරනු ලැබීය. ඔවුන් නුඹලාට වස්ත්‍ර මෙන් වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර මෙන් වේ. සැබැවින්ම නුඹලා නුඹලාවම රවටා ගනිමින් සිටීම අල්ලාහ් දන්නේය. එබැවින් ඔහු නුඹලා වෙත පශ්චාත්තාපය පිරිනැමුවේය. නුඹලාගේ (වැරැද්ද) නොසලකා හැරියේය. එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු. නුඹලා මස්ජිදයන්හි රැඳෙන්නන් ව (ඉඃතිකාෆ්) සිටිය දී ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත නොවනු. මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. එබැවින් නුඹලා ඒවාට සමීප නොවනු. එලෙසය අල්ලාහ් ඔහුගේ වදන් ජනයාට පැහැදිලි කරනුයේ. ඔවුන් බැතිමත් විය හැකි වනු පිණිස