Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 196 — Surah Al-Baqarah 2:196
තවද අල්ලාහ් වෙනුවෙන් හජ් හා උම්රා සම්පූර්ණ කරනු. නමුත් නුඹලා (ඒවා ඉටු කළ නොහැකි පරිදි) කොටු කරනු ලැබුවෙහු නම් (සත්ව) කැප කිරීමෙන් තමන්ට පහසු දෑ දිය යුතුය. තවද කැප කිරීමට නියමිත සත්වයා එයට නියමිත ස්ථානයට ළඟා වන තෙක් නුඹලාගේ හිස් මුඩු නොකරනු. නමුත් නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකු ව හෝ තම හිසෙහි තමන්ට වේදනාවක් වූයේ නම් හෝ (හිස මුඩු කිරීමට සිදු වූයේ නම්) එවිට උපවාසයේ නියැළීමෙන් හෝ දානයකින් හෝ සත්ව කැප (පරිත්‍යාග) කිරීමකින් හෝ වන්දියක් ලබා දිය යුතුය. නමුත් (හජ් සහ උම්රා ව වළක්වනු ලැබූ බාධකය ඉවත් වී) නුඹලා අභයදායී තත්ත්වයට පත් වී එවිට යමෙක් උම්රා ඉටු කර හජ් දක්වා ඉහ්රාමයෙන් තොරව සිටියේ නම් සත්ව කැප කිරීමෙන් පහසු දෑ ලබා දිය යුතුය. නමුත් ඔහු (එය) නොලැබුවේ නම් එවිට හජ් හි දින තුනක් ද නුඹලා නැවත (ගම රට බලා) හැරී ආ විට දින හතක් ද (එනම්) එය පූර්ණ දින දහයක් ලෙස උපවාසයේ නියැළෙත්වා ! එය ශුද්ධ මස්ජිදය අවට (මක්කාහ්වෙහි) වාසය කරන වැසියන්ට නොවේ. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. තවද සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි දැඩි බව නුඹලා දැන ගනු