Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 203 — Surah Al-Baqarah 2:203

තවද නියමිත දින ගණනක් තුළ නුඹලා අල්ලාහ් ව සිහිපත් කරනු. එබැවින් කවරෙකු (මිනාවෙහි රැඳී සිටීමෙන්) දින දෙකකින් ඉක්මන් වන්නේ ද එවිට ඔහු කෙරෙහි පාපයක් නොමැත. තවද කවරෙකු ප්‍රමාද වන්නේ ද ඔහු කෙරෙහි ද පාපයක් නොමැත. එය බිය බැතිමත් වූ හටය. තවද නුඹලා අල්ලාහ්ට බියබැතිමත් වනු. සැබැවින්ම නුඹලා ඔහු වෙත එක් රැස් කරනු ලබන බව දැන ගනු