Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 213 — Surah Al-Baqarah 2:213

ජනයා එකම සමූහයක් විය. පසුව ( මතභේද හටගත් විට) අල්ලාහ් ශුභාරංචි පවසන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද නබිවරුන් ව එවීය. තවද කවර දෙයක් මත (ජනයා) මතභේද ඇති කර ගත්තේ ද ඒ ගැන ජනයා අතර තීන්දු කිරීම පිණිස ඔවුන් සමඟ දේව ග්‍රන්ථ ද පහළ කළේය. තමන් වෙත පැහැදිලි සාධක පැමිණි පසුව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව හේතුවෙන් දේව ග්‍රන්ථය ලත් ජනයා හැර (වෙනත් කිසිවෙක්) ඒ ගැන මතභේද ඇති කර නොගත්හ. පසුව සත්‍යයෙන් යුත් කවර දෙයක් තුළ ඔවුන් මත භේද ඇති කර ගත්තේ ද ඒ ගැන අල්ලාහ් තම අනුභාවයෙන් විශ්වාස කළවුනට මඟ පෙන්වීය. තවද අල්ලාහ් තමන් අභිමත කරන අයට ඍජු මඟ පෙන්වන්නේය