Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 219 — Surah Al-Baqarah 2:219

(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු. තවද තමන් වියදම් කළ යුත්තේ කුමක් දැයි ද නුඹගෙන් ඔවුහු විමසති. අතිරේකව ඇති දෙය (වියදම් කරනු) යැයි පවසනු. මෙලෙසය අල්ලාහ් නුඹලාට සිතන්නට හැකි වනු පිණිස නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ