Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 221 — Surah Al-Baqarah 2:221

දේව ආදේශ තබන්නියන් ව ඔවුහු විශ්වාස කරන තෙක් විවාහ කර නොගනු. ඇය නුඹලා ව ආකර්ශනීයත්වයට පත් කළ ද දේව විශ්වාස වන්ත වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන් ව ඔවුහු විශ්වාස කරන තෙක් විවාහ කර නොදෙනු. ඔහු නුඹලා ව ආකර්ශනීයත්වයට පත් කළ ද දේව විශ්වාසවන්ත වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුහු (නිරයේ) ගින්න වෙත ඇරයුම් කරති. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ස්වර්ගය හා සමාව වෙත ඇරයුම් කරන්නේය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේය