Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 247 — Surah Al-Baqarah 2:247

තවද සැබැවින් ම අල්ලාහ් තාලූත් ව නුඹලාට රජෙකු ලෙස එවා ඇත්තේ යැයි ඔවුන්ගේ නබිවරයා ඔවුනට පැවසුවේය. අප ඔහුට වඩා පාලනය කිරීමට සුදුස්සන් ව සිටිය දී හා ධනයෙන් කිසිදු සමෘද්ධියක් ඔහුට දෙනු නොලැබ සිටිය දී අප වෙත පාලනය කිරීම ඔහුට කෙසේ නම් හැකි වේ දැයි ඔවුහු ඇසූහ. සැබැවින් ම අල්ලාහ් නුඹලා වෙත ඔහු තෝරා ගෙන ඇත්තේය. තවද දැනුමෙහි හා ශරීරයෙහි පුළුල් භාවය ඔහුට අමතර ව ලබා දී ඇත්තේය. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට තම පාලනය පිරිනමන්නේය. තවද අල්ලාහ් සර්ව ව්‍යාපක ය. සර්ව ඥානී ය