Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 249 — Surah Al-Baqarah 2:249

තාලූත් සේනාව සමඟ පිටත් ව ගිය කල්හි ඔහු ( සිය සේනාව අමතා) සැබැවින් ම අල්ලාහ් ගංගාවකින් නුඹලා ව පරීක්ෂාවට පත් කරන්නේය. එබැවින් කවරෙක් එයින් පානය කළේ ද ඔහු මගෙන් කෙනෙකු නොවන්නේය. කවරෙක් එහි රස නොවින්දේ ද එවිට සැබැවින් ම ඔහු මගෙන් කෙනෙකි. නමුත් තම දෑතින් අහුරක් ගත් අය හැර යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර සෙසු අය පානය කළෝය. පසුව ඔහු හා ඔහු සමඟ විශ්වාස කළවුන් එය තරණය කළ කල්හි, අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමඟ (සටන් කිරීමට) අපහට ශක්තියක් නොමැත යැයි පැවසුවෝය. සැබැවින්තම (එක් දිනක) අල්ලාහ් ව හමුවන්නෝ යැයි තරයේ සිතූ අය "අල්ලාහ්ගේ අනුමැතියෙන් කෙතරම්දෝ ස්වල්ප පිරිස් විශාල පිරිස් ජයග්‍රහණය කර තිබේ, තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටින්නේය." යැයි පැවසුවෝය