Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 258 — Surah Al-Baqarah 2:258

ඉබ්‍රාහීම් සමඟ ඔහුගේ පරමාධිපති විෂයෙහි අල්ලාහ් ඔහුට රාජ්‍ය පාලනය පිරිනමා තිබූ හේතුවෙන් තර්ක කළ අය දෙස නුඹ නොබැලුවෙහි ද? මාගේ පරමාධිපති ප්‍රාණය ලබා දෙන්නා ය. මරණයට පත් කරන්නා ය යැයි පැවසූ අවස්ථාවේ ඔහු මම ජීවය දෙන්නෙමි. මරණයට ද පත් කරන්නෙමි යැයි පැවසුවේය. (ඔහු ගැනද එසේනම් සැබැවින් ම අල්ලාහ් හිරු නැගෙනහිරෙන් ගෙන එන්නේය. එබැවින් (නුඹට හැකි නම්) එය බටහිරෙන් ගෙන එනු යැයි ඉබ්‍රාහීම් පැවසුවේය. එවිට ප්‍රතික්ෂේප කළ ඔහු තිගැස්සී ගියේය. අපරාධ කරන ජනයාට අල්ලාහ් මඟ නොපෙන් වන්නේය