Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 259 — Surah Al-Baqarah 2:259

එසේ නොමැති නම් එහි වහල වල් මත කඩා වැටී තිබූ ගමක් මතින් ගමන් ගත් අයෙකු මෙනි. (ඔහු ගැන ද නුඹ නොබැලුවෙහි ද?) ඔහු මෙය මිය ගිය පසු මෙයට ප්‍රාණය දෙන්නේ කෙසේ දැයි විමසුවේය. එවිට අල්ලාහ් වසර සියයක් ඔහු ව මරණයට පත් කළේය. පසු ව ඔහු ව අවදි කරවා නුඹ කොපමණ කළක් රැඳී සිටියෙහි දැයි විමසුවේය. දිනක් හෝ දිනක කොටසක් මම රැඳී සිටියෙමි යැයි ඔහු පැවසුවේය. නැත නුඹ වසර සියයක් රැඳී සිටියෙහිය. දැන් නුඹ නුඹේ ආහාරය හා නුඹේ පානය දෙස බලනු. එය නරක් වී නැත. තව ද නුඹේ බූරුවා දෙස බලනු. (මෙය) ජනයාට නුඹ ව සලකුණක් වශයෙන් අප පත් කරනු පිණිස ය. තව ද අප එම අස්ථි එක් රැස් කොට පසුව එය මසින් අන්දවනුයේ කෙසේ දැයි බලනු. ඔහුට පැහැදිලි වූ කල්හි සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා යැයි මම දැන ගත්තෙමි යැයි ඔහු පැවසුවේය