Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 260 — Surah Al-Baqarah 2:260

තවද මාගේ පරමාධිපතියාණෙනි, මියගියවුන්ට නුඹ ජීවය දෙන්නේ කෙසේ දැයි මට පෙන්වනු යැයි ඉබ්‍රාහීම් පැවසූ විට, නුඹ විශ්වාස නොකළෙහි දැ යි ඔහු විමසුවේය. ඇත්ත (වශයෙන්ම විශ්වාස කරමි) එනමුත් මාගේ හදවත ශාන්තිමත් වනු පිණිස යැයි ඔහු පැවසුවේය. එසේ නම් පක්ෂීන් සිව් දෙනෙකු ගෙන, උන් කැබලි කර ඔබ වෙත තබා ගනු. පසු ව ඒවායින් කොටසක් (බැගින්) සෑම කන්දක් මත ම තබනු. පසු ව නුඹ උන් කැඳවනු. ඒවා නුඹ වෙත කඩිනමින් පැමිණෙනු ඇත. තව ද සැබැවින් ම අල්ලාහ් සර්ව බලධාරී මහා ප්‍රඥාවන්ත බව දැන ගනු