Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 266 — Surah Al-Baqarah 2:266

කෙනෙකුට ඉඳි හා මිඳි උයනක් ඇත. එහි යටින් ගලා බසින ගංඟාවෝය. එහි ඔහුට සියලු වර්ගයේ පලතුරු ද ලැබේ. ඔහුට දුර්වල පරපුරක් සිටින විටකදී වයෝවෘද්ධභාවය ඇති වෙයි. එවිට (එම උයනට) ගින්නෙන් යුත් කුණාටුවක් ඇති වී එය ගිනිබත් වී යාමට ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රිය කරන්නෙහි ද? නුඹලා වටහා ගත හැකි වනු පිණිස අල්ලාහ් නුඹලාට මෙම වදන් පැහැදිලි කරනුයේ මෙලෙසය