Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 273 — Surah Al-Baqarah 2:273

(නුඹලාගේ දානයන් සුදුසු වනුයේ තම ජීවනෝපාය පිණිස) මහපොළොවේ ගමන් කිරීමට හැකියාව නොදරන අල්ලාහ්ගේ මාර්ගයේ කොටු කරනු ලැබූ දිළින්ඳන්ටය. ඔවුහු (ඔවුන්ගේ) තැන්පත්භාවය හේතුවෙන් ඔවුන් ධනවතුන් බව අවබෝධයක් නොමැත්තා ඔවුන් ගැන සිතති. ඔවුන්ගේ සලකුණු මගින් නුඹ ඔවුන් ව හඳුනා ගන්නෙහිය. ඔවුහු යාචනය කරමින් ජනයාගෙන් (කිසිවක්) නොඉල්ලති. තවද නුඹලා යම් යහපතකින් වියදම් කරන දෑ සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව සර්වඥානීය