Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 2 - Al-Baqarah
Translation by Www.islamhouse.com — Permalink
Verse 74 — Surah Al-Baqarah 2:74
අනතුරු ව, ඉන් පසු ව පවා නුඹලා ගේ හදවත් තද විය. ඒවා ගල් පර්වත මෙන්ය. එසේ නොමැතිනම් ඊටත් වඩා දැඩි ලෙස තද විය. ගල් අතුරින් පිපිරී එමගින් ගංගාවන් ගලන දෑ ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් පැළී විවර වී එමගින් ජලය පිට කරන දෑ ද ඇත. තව ද සැබැවින් ම ඒ අතුරින් අල්ලාහ් ට බියෙන් ඇද හැළෙන දෑ ද ඇත. එමෙන් ම නුඹලා කරමින් සිටින දෑ ගැන අල්ලාහ් නොසලකා හරින්නෙක් නොවේ