Back to Languages

Sinhala - Chapter 2 - Al-Baqarah

Translation by Www.islamhouse.com — Permalink

Verse 83 — Surah Al-Baqarah 2:83

තව ද නුඹලා අල්ලාහ් හැර (වෙන කිසිවෙකු ට) නැමදුම් නොකරනු. දෙමව්පියන් සමඟ යහ අයුරින් කටයුතු කරනු. එමෙන් ම ඥාතීන්, අනාථයින් හා දුගියන් සමඟ ද (යහ අයුරින් කටයුතු කරනු) තව ද ජනයා ට යහ වදනින් අමතනු. තව ද සලාතය ස්ථාපිත කරනු. zසකාත් ( අනිවාර්ය බද්ධ) ද දෙනු යැයි ඉස්රාඊල් දරුවන් ගෙන් අප ප්‍රතිඥාවක් ගත් සැටි සිහිපත් කරනු. පසු ව නුඹලා අතුරින් ස්වල්ප දෙනෙකු හැර නුඹලා නොසලකා හරින්නන් ලෙසින් එය ට පිටු පෑවෙහු ය