Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 24 - An-Nur
Translation by Www.islamhouse.com — Permalink
Verse 31 — Surah An-Nur 24:31
දෙවියන් කෙරෙහි විශ්වාස තැබූ කාන්තාවන්හට ඔවුන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරන මෙන්ද ඔවුන්ගේ අලංකාරයන් එහි මතු පිටින් පෙනෙන දෑ හැර වෙනෙකක් හෙළි නොකරන මෙන් ද ඔවුන්ගේ ළැම පැති මතට ඔවුන්ගේ මොට්ටැක්කිලිය දමන මෙන් ද නුඹ පවසනු. තවද ඔවුන්ගේ අලංකාරය ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ට හෝ ඔවුන්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ පියවරුන්ට හෝ ඔවුන්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ ස්වාමිපුරුෂයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ට හෝ ඔවුන්ගේ සහෝදරයින්ගේ දරුවන්ට හෝ ඔවුන්ගේ කාන්තාවන්ට හෝ ඔවුන්ගේ දකුණත් හිමිකරගත් අයට හෝ පිරිමින් අතුරින් කාමාශාවකින් තොර ව උපස්ථාන කරන්නන්ට හෝ ස්ත්‍රීන්ගේ රහස්‍ය පෙදෙස් ගැන (කාමාශාවක්) මතු නොවන දරුවන්ට මිස වෙනත් කිසිවකුට හෙළි නොකළ යුතුය. තවද ඔවුන්ගේ අලංකාරයෙන් ඔවුන් සඟවන දෑ දන්වා සිටිනු පිණිස ඔවුන්ගේ පාද නොගැසිය යුතුය. තවද අහෝ දෙවියන් කෙරෙහි විශ්වාස තැබූවනි! නුඹලා ජය ලැබිය හැකි වනු පිණිස නුඹලා සියල්ල පශ්චාත්තාප වී අල්ලාහ් වෙත නැඹුරු වනු