Back to Languages

Sinhala - Chapter 28 - Al-Qasas

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah Al-Qasas 28:25

ඔවුන් දෙදෙනාගෙන් එකියක ලැජ්ජාවෙන් යුතු ව ගමන් කරමින් පැමිණ නියත වශයෙන්ම අප වෙත ඔබ ජලය සැපයූ දෑ සඳහා කුලිය ඔබට පිරිනමනු පිණිස මාගේ පියාණන් ඔබට ආරාධනා කළේ යැයි පැවසුවාය. එවිට ඔහු(මූසා) ඔහු(අය්යූබ්) වෙත පැමිණි කල්හි (තමාගේ) කතාව ඔහු වෙත පැවසීය. ඔබ බිය නොවනු. අපරාධකාර ජනයාගෙන් ඔබ මිදුණෙහිය යැයි ඔහු පැවසීය