Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 37 — Surah Al-Imran 3:37
එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තව ද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ ! මර්යම්, ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය.නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය