Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 3 - Al-Imran
Translation by Www.islamhouse.com — Permalink
Verse 7 — Surah Al-Imran 3:7
ඔහු කවරෙකුද යත් නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේ ඔහු ය. එහි මුහ්කමාත් ( හෙවත් පැහැදිලි තීන්දු සහගත) වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා මුතෂාබිහාත් (හෙවත් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත) වැකි ය. එබැවින් කවරෙකුගේ හදවතෙහි ව්‍යාකූලත්වයක් තිබේද ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තව ද අපි ඒවා විශ්වාස කළෙමු. සියල්ල අපගේ පරමාධිපති වෙතිනි යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි නොකරන්නෝය