Back to Languages

Sinhala - Chapter 3 - Al-Imran

Translation by Www.islamhouse.com — Permalink

Verse 73 — Surah Al-Imran 3:73

තවද නුඹලාගේ දහම පිළිපදින අය ව පමණක් මිස (වෙන කිසිවෙකු) නුඹලා විශ්වාස නොකරනු. (යැයි ද ඔවුහු පවසති.) සැබැවින් ම සැබෑ මඟ පෙන්වීම වනුයේ අල්ලාහ්ගේ මඟ පෙන්වීම ය යැයි (නබිවරය) නුඹ පවසනු. නුඹලාට දෙනු ලැබුවක් මෙන් (දේව ග්‍රන්ථයක්) කිසිවෙකුට දෙනු ලබනු ඇතැ යි හෝ එම විශ්වාසවන්තයින් නුඹලාගේ පරමාධිපති අබියස වාද කරමින් නුඹලා ව ජය ගනු ලබනු ඇතැ යි හෝ නුඹලා විශ්වාස නොකරනු (යැයි ද ඔවුහු පවසති) සැබෑ භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ය. එය ඔහු අභිමත අයට පිරිනමන්නේය. තව ද අල්ලාහ් සර්ව ව්‍යාපක ය සර්ව ඥානී ය