Back to Languages

Sinhala - Chapter 33 - Al-Ahzab

Translation by Www.islamhouse.com — Permalink

Verse 37 — Surah Al-Ahzab 33:37

අල්ලාහ් කවුරුන්හට (යහ මග පෙන්වීම තුලින්) දයාව පහළ කර, ඔබත් ඔහු කෙරෙහි (වහල් බවින් නිදහස ලබා දීම තුලින්) උපකාර කරමින් සිටියෙහිද, (සයිනබ් වන) ඔබගේ භාය්‍යාව ඔබ වෙතම (බිරිය ලෙස) තබා ගනු. තවද අල්ලාහ්ට බිය වනු’ යැයි පැවැසූ අවස්ථාව සිහි කරනු. අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ ඔබගේ මනසෙහි සඟවා තැබුවෙහිය. ඔබ බිය වීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. සෙයිද් (තම බිරිඳ වන) ඇයගෙන් (දික්කසාද වීමේ) අවශ්‍යතාව සපුරා ගත් කල්හි අපි ඇයව ඔබට විවාහ කර තැබුවෙමු. මන්දයත් දෙවියන් විශ්වාස කරන්නන්හට, ඔවුන් විසින් (දරුකමට) හදා ගත් අය. තමන්ගේ භාය්‍යයාවන් සම්බන්ධයෙන් (දික් කසාද වීමේ) අවශ්‍යතාවය ඔවුන් සපුරා ගත් විට, එම කාන්තාවන්ව විවාහ කර ගැනීමේදී කිසිම වරදක් ඇති නොවිය යුතුය යන්න සඳහාම. (මෙය) අනිවාර්යයෙන්ම සිදු විය යුතුය යන අල්ලාහ්ගේ නියෝගයක් වශයෙන් තිබුණි