Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 1 — Surah An-Nisa 4:1
අහෝ මනුෂ්‍යයිනි! නුඹලා නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. ඔහු කව්රුන්ද යත් නුඹලාව එක ම ආත්මයකින් නිර්මාණය කළේය. තවද ඒ සඳහා වූ ජෝඩුවද නිර්මාණය කළේය. ඒ දෙදෙනාගෙන් අධික වශයෙන් පිරිමින්ද ගැහැණුන්ද ව්‍යාප්තවීමට සැළැස්සුවේය. තවද අල්ලාහ් ගේ මාර්ගයෙන් නුඹලා එකිනෙකාගේ අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද, ලේ ඥාතීත්වය (බිඳ දැමීම) ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය