Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 11 — Surah An-Nisa 4:11
අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි, පිරිමියෙකුගේ කොටස කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් සමාන විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් (මිය ගිය අයට) දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම්, එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝදරයින් සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය