Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 12 — Surah An-Nisa 4:12
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය. මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය