Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 141 — Surah An-Nisa 4:141

ඔවුහු වනාහි නුඹලාට සිදුවීමට යන දේ ගැන මාන බලමින් සිටිති. එනම්, නුඹලාට අල්ලාහ් වෙතින් යම් ජයක් වී නම් ‘අපි නුඹලා සමඟ සිටියා නොවේදැ’ යි පවසති. නමුත් දේව ප්‍රතික්ෂේපකයින්ට (ජයග්‍රහණයෙන්) කොටසක් වූයේ නම් අප ‘නුඹලා ව අබිබවා යන්නට තිබුණද දේව විශ්වාස වන්තයින්ගෙන් නුඹලා ව අපි වැළැක්වූයේ නැති දැ’ යි (ඔවුනට) පවසති. අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නුඹලා අතර තීන්දු දෙනු ඇත. දේව විශ්වාසවන්ත යින්ට එරෙහි ව (ක්‍රියා) මාර්ගයක් ගැනීමට දේව ප්‍රතික්ෂේපකයින්ට අල්ලාහ් (ඉඩ) නොතැබුවේමය