Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 154 — Surah An-Nisa 4:154

තවද අපි ඔවුන්ගෙන් ප්‍රතිඥාවක් ගැනීමට තූර් කන්ද ඔවුනට ඉහළින් ඔසවා තැබුවෙමු. තවද අපි හිස නමා දොරටුවෙන් ඇතුළු වනු යැයි ඔවුනට පැවසුවෙමු. තවද (මසුන් ඇල්ලීමෙහි) සෙනසුරාදා සීමාව ඉක්මවා නොයනු යැයි ද පැවසුවෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉතා බලවත් ප්‍රතිඥාවක් ගත්තෙමු