Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 23 — Surah An-Nisa 4:23

නුඹලාගේ මව්වරුන් ද නුඹලාගේ දූවරුන් ද නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්) ද නුඹලාගේ මවගේ සහෝදරියන් ද (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන් ද සහෝදරියගේ දූවරුන් ද නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් ද කිරි පෙවීම හේතු වෙන් වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් ද නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ (බිරියගේ) දූරුවන් ද නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) සමඟ (ලිංගික ඇසුරු කමට) අතුළත් නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලා ගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑ වරුන් (ලේලියන්) ද, ඉකුත් වී ගිය දෑ හැර (මින් පසු), සහෝදරි යන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. පරම කරුණාභරිත ය