Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 25 — Surah An-Nisa 4:25

විශ්වාසවන්ත නිදහස් කාන්තා වන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතුරින් නුඹලා අතර සිටින විශ්වාස වන්ත වහල් කාන්තාවන් (සමග විවාහ) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන, එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තා වන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) ලබා දී නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතුරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිල්ලෙන් කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය