Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 34 — Surah An-Nisa 4:34

පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. (සැමියාට) අවනත වන දැහැමි කාන්තාවෝ, අල්ලාහ් ආරක්ෂා කර ඇති බැවින් (සිය සැමියන් ) නොපෙනෙන්නට සිටින විටක, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අයට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (සැහැල්ලුවෙන්) ගසනු. ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (අයුක්තියක් කරන්නට) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් විය