Back to Languages

Sinhala - Chapter 4 - An-Nisa

Translation by Www.islamhouse.com — Permalink

Verse 6 — Surah An-Nisa 4:6

අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්‍රවේශමෙන් රැක බලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය හැකියි) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසත් වන්නේ ද ඔහු (එය පරිහරණය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතුය. තවද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නන්ගෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය