Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 4 - An-Nisa
Translation by Www.islamhouse.com — Permalink
Verse 92 — Surah An-Nisa 4:92
වැරදීමකින් මිස දේව විශ්වාස වන්තයෙකු ඝාතනය කිරීමට දේව විශ්වාසවන්තයකුට සුදුසු නොවීය. තවද කවරෙකු දේව විශ්වාසවන්තයකු ව වැරැදීමකින් ඝාතනය කළේ නම් එවිට ඔහු දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතු අතර ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. නමුත් ඔවුන් දානයක් ලෙස (එය) අතහැර දැමුවේ නම් මිස. ඔහු නුඹලාට එරෙහි වූ පිරිසකගෙන් කෙනෙකු වී ඔහු දේව විශ්වාස වන්තයකුව ද සිටී නම් දේව විශ්වාසවන්ත වහලෙක් නිදහස් කළ යුතුය. තවද ඔහු නුඹලා අතර ද තමන් අතර ද ගිවිසුමක් ඇති පිරිසකගෙන් කෙනෙකු වී නම් ඔහුගේ නිවැසියන්ට වන්දියක්ද පිරිනැමිය යුතු වේ. කවරෙකු (මේවා) නොලැබුවේද ඔහු අල්ලාහ්ගෙන් පාපක්ෂමාව ක් වශයෙන් අඛණ්ඩ ව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුය. තවද අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය