Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 46 - Al-Ahqaf
Translation by Www.islamhouse.com — Permalink
Verse 15 — Surah Al-Ahqaf 46:15
තවද මිනිසාට තම දෙමාපියන්හට ඇප උපස්ථාන කරන මෙන් අපි උපදෙස් දුනිමු. ඔහුගේ මව ඔහු දුෂ්කරත්වයෙන් යුතු ව ඉසිලුවාය. තවද දුෂ්කරත්වයෙන් යුතු ව ඇය ඔහු ප්‍රසූත කළාය. ඔහු ව (මව් කුස තුළ) ඉසිලීම හා ඔහුට කිරි වැරීම මාස තිහකි. ඔහු වැඩි වියට පත් ව අවුරුදු හතළිහට ළඟා වූ විට “මාගේ පරමාධිපතියාණෙනි! නුඹ මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත දායාද කළ නුඹගේ ආශිර්වාදය සඳහා කෘතවේදී වීමටත් නුඹ තෘප්තියට පත් වන අයුරින් දැහැමි දෑ සිදු කිරීමටත් මට භාග්‍යය ලබා දෙනු මැනව! තවද මාගේ පරපුර තුළ ද මාහට දැහැමි බව ඇති කරනු මැනව! නියත වශයෙන්ම මම පාප සමාව ඇයැද නුඹ වෙත නැඹුරු වෙමි. තවද නියත වශයෙන්ම මම මුස්ලිම්වරුන් (අල්ලාහ්ට අවනත වන්නන්) අතුරිනි යැයි ඔහු පැවසුවේය