Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 1 — Surah Al-Maidah 5:1

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා ගිවිසුම් පූර්ණ ව ඉටු කරනු. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. නමුත් නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටියදී දඬයම් කිරීම අනුමත කර නොගත යුතුය. සැබැවින්ම අල්ලාහ් ඔහු සිතන දෑ තීන්දු කරයි