Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 106 — Surah Al-Maidah 5:106

අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් (මුස්ලිම්වරුන් වන නුඹලා අතුරින් සාක්ෂිකරුවන් නොමැති විටක) නුඹලා නොවන වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නුඹලා (මොවුන් ගැන) සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම)මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය