Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 110 — Surah Al-Maidah 5:110
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, ඔබ වෙත හා ඔබගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුහසින් පක්ෂියකුගේ හැඩයකින් යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුහසින් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් උත්පත්තියෙන් අන්ධයාවද, (සුදු හා කළු) කුෂ්ට රෝගද සුව කළෙහිය. මාගේ අනුහසින් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු