Back to Languages

Sinhala - Chapter 5 - Al-Maidah

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah Al-Maidah 5:13

ඔවුන් ඔවුන්ගේ ප්‍රතිඥාව කඩ කළ හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. තවද ඔවුන්ගේ හදවත් දැඩි (හදවත්) බවට පත් කළෙමු. ඔවුහු එම වදන් එහි නියමිත ස්ථානයෙන් වෙනස් කරති. ඔවුනට කවර දෙයක් සම්බන්ධයෙන් උපදෙස් දෙනු ලැබුවේ ද ඉන් කොටසක් ඔවුහු අමතක කළෝය. ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු හැරෙන්නට ඔවුන් අතුරින් වැඩි දෙනා කුමක් හෝ (නව) කුමන්ත්‍රණයක සිටිනු නුඹ දකින්නෙහුමය. එබැවින් ඔවුන් ව අත හැර දමා ඔවුන් ව නොසලකා හරිනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි