Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 3 — Surah Al-Maidah 5:3
(නිසි ලෙස කැපීමකින් තොරව) මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, වැටී මිය ගිය දෑ, ඇණ මිය ගිය දෑ, මෘග සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර, (එවිට ආහාරය සඳහා ගත හැක.) - තවද පිළිම සඳහා කැපූ දෑ ඊතල් මඟින් නුඹලා පේන කීම නුඹලාට තහනම් කරන ලදී. මේවා වැරදි සහගතය. ප්‍රතික්ෂේප කළවුන් නුඹලාගේ දහමින් (එය විනාශ කළ හැකිය යන අදහසින්) අද දින අපේක්ෂා භංග විය. එබැවින් ඔවුනට නුඹලා බිය නොවනු. තවද මට ම බිය වනු. අද දින නුඹලාට නුඹලාගේ දහම මම සම්පූර්ණ කළෙමි. නුඹලා කෙරෙහි වූ මාගේ ආශිර්වාදය ද පූර්ණවත් කළෙමි. නුඹලා වෙනුවෙන් දහම ලෙස ඉස්ලාමය මම පිළිගතිමි. එබැවින් පාපයට නැඹුරු නොවී, දුගී බව හේතුවෙන් (මේවා ආහාරයට ගන්නා මෙන්) බල කරනු ලැබුණේ නම්, එවිට (දැන ගනු) සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී අසමසම කරුණාන්විතය