Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 41 — Surah Al-Maidah 5:41
අහෝ දූතය ! අපි විශ්වාස කළෙමු යැ යි ඔවුන්ගේ මුවින් පවසා ඔවුන්ගේ හදවත් විශ්වාස නොකළවුන් හා යුදෙව් බවට පත් වූවන් අතුරින් දේව ප්‍රතික්ෂේපයේ යුහුසුලු ව ක්‍රියා කරන්නන් නුඹ ව දුකට පත් නොකළ යුතුය. ඔවුහු මුසා බසට සවන් දෙන්නෝ වෙති. ඔබ වෙත නොපැමිණි සෙසු පිරිසට (ඔබ ගැන දොස් පැවසීම පිණිස ද ඔබට) සවන් දෙන්නෝ වෙති. තවද ඔවුහු (දේව) වැකි එහි නියමිත ස්ථානයෙන් වෙනස් කොට “මෙය නුඹලාට දෙනු ලැබුවේ නම් එය නුඹලා ගනු. එය නුඹලාට දෙනු නොලැබුවේ නම් නුඹලා වැළකී සිටිනු” යැයි පවසති. අල්ලාහ් කවරෙකු පිරික්සීමට සිතුවේ ද එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් (ඔහු ව වැළැක්වීමට) නුඹ බලය නොදරන්නේමය. ඔවුන්ගේ හදවත් පිරිසිදු කරලීමට අල්ලාහ් නොසිතූ අය මොවුන්ය. ඔවුනට මෙලොවෙහි අවමානය ඇත. තවද මතු ලොවෙහි අතිමහත් දඬුවමක් ද ඇත