Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 48 — Surah Al-Maidah 5:48
තවද සත්‍යයෙන් යුතු මෙම ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කළෙමු. එය තමන් අතර තිබූ (පෙර පහළ වූ) දේව ග්‍රන්ථය සත්‍ය කරවන්නකි. තවද ඒවා ආරක්ෂා කරන්නකි. එබැවින් අල්ලාහ් පහළ කළ දැයින් නුඹ ඔවුන් අතර තීන්දු ලබා දෙනු. නුඹ වෙත පැමිණි සත්‍ය දැයින් ඉවත් ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළි නොපදිනු. නුඹලා අතුරින් සෑම ප්‍රජාවකටම ආගමික පිළිවෙතක් හා ක්‍රියාමාර්ගයක් ඇති කළෙමු. අල්ලාහ් සිතුවේ නම් නුඹලා ව එකම ප්‍රජාවක් බවට පත් කරන්නට තිබුණි. එනමුත් නුඹලාට පිරිනැමූ දෑ හි නුඹලා ව පිරික්සනු පිණිසය (මෙලෙස සිදු කළේ.) එබැවින් යහකම් කිරීමට නුඹලා යුහුසුලු වනු. නුඹලා සියල්ලගේ නැවත යොමු වීම අල්ලාහ් වෙතය. එබැවින් කවර විෂයක නුඹලා මතභේද වී සිටියෙහු ද එවැනි දෑ නුඹලාට ඔහු දන්වා සිටියි