Back to LanguagesPrevious ChapterNext Chapter EnglishArabicUrduHindiTamilBengali
Sinhala - Chapter 5 - Al-Maidah
Translation by Www.islamhouse.com — Permalink
Verse 89 — Surah Al-Maidah 5:89
නුඹලාගේ දිවුරීම්හි නිකරුණේ පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව ග්‍රහණය නොකරයි. නමුත් නුඹලා ව ඔහු ග්‍රහණය කරනුයේ ස්ථීර කරමින් පවසන දිවුරීම් වෙනුවෙනි. (එසේ වරදක් සිදු වූ විටක) එවිට එහි වන්දිය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින් දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් එය නොලැබූ අය දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම් නුඹලාගේ දිවුරීම් වලට වන්දිය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය