Back to Languages

Sinhala - Chapter 57 - Al-Hadid

Translation by Www.islamhouse.com — Permalink

Verse 13 — Surah Al-Hadid 57:13

එදින කුහක පිරිමින් හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අප ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්‍යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි