Back to Languages

Sinhala - Chapter 57 - Al-Hadid

Translation by Www.islamhouse.com — Permalink

Verse 27 — Surah Al-Hadid 57:27

පසු ව අපි ඔවුන්ගේ පිය සටහන් අනුගමනය කරවමින් අපගේ තවත් දූතවරුන් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුගමනය කරන්නට සැලැස්වූයෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහු ව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු (කිතුනු) ශ්‍රමණ වෘත්තියට පත්වීම අලුතින් ඇති කර ගත්තෝය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නොකළෙමු. එහෙයින් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් එය පිළිනොපැද්දෝය. එහෙයින් ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතුරින් බහුතරයක් දෙනා පාපතරයෝය